Saturday, April 15, 2017

7


ඵෙතිහාසික කෝට්ටේ රාජධානිය

නිශ්ශංක අලගක්කෝනාරයන් විසින් නිර්මාණය කරන ලද ඵෙතිහාසික
කෝට්ටේ රාජධානිය කොටුබැම්මකින්,   අැතුල්දිය අගලකින්ද,   පිට දිය අගලකින්ද  සුරක්ෂිත වූ  පැරණි රාජධානියකි. ක්‍රි: ව: 1400 - 1597 දක්වා ශ්‍රී ලංකාවේ අගනුවර වූ මෙහි  ක්‍රි: ව:1411 - 1467  දක්වා  රජ කල 6 වන
පරාක්‍රමබාහු රජ සමය  ලක් ඉතිහාසයේ  අවසන් වරට  එක්සේසත් වූ බව සඳහන් වේ.   එසමය සාහිත්‍යමය වශයෙන් ඉතා සමෘද්ධිමත් යුගයක් විය. කරිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත නමින් විරුදාවලිලත් 6වන පැරකුම් රජු
සමයේ සද්ධර්මරත්නාවලිය, සැළලිහිනි සංදේශය, තිසර සංදේශය, මයුර සංදේශය,  හංස සංදේශය  අාදී වශයෙන් ග්‍රන්ථ  ගණනාවක්ම  එලිදැක්වී අැත. 1521 දී සිදුවූ විජයබාකොල්ලයෙන් පසු කෝට්ටේ, රයිගම, සීතාවක
ලෙස කොටස් 3කට වෙන්විය. සීතාවකින් නිරන්තරයෙන් සිදුවූ ප්‍රහාරයන් නිසාම පෘතුගීසින් කෝට්ටේ රාජධානිය පොලවට සමතලා කොට සියළුම
වස්තුව කොළඹ කොටුවට රැගෙන යාමෙන් පසුව රාජධානියේ අවසානය
එළඹියේය.  දැනට කෝට්ටේ කෞතුකාගාරයේ  කෝට්ටේ  යුගයට අයත්
 සමහර කෞතුක භාන්ඩ ප්‍රදර්ශණයට තබා අැත.








කෝට්ටේ සිතියම




කෝට්ටේ කොඩිය





6 වන පැරකුම්බා රජු හා බිසවගේ ස්මාරක,
වෙහෙරකන්ද



                                              ගල්අම්බලම






                                             කොටුබැම්ම





                                   අලකේශ්වර මාලිගාව





                                                           උමග





                            කෝට්ටේ කෞතුකාගාරය














No comments:

Post a Comment