Sunday, April 16, 2017

8




                                                                          සීගිරිය

                             මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සීගිරිය, මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක් පමණ උසින් යුක්තය. කාශ්‍යප රජු විසින් කරවන ලද මෙය ක්‍රි: ව: 477 - 495 දක්වා රටේ පාලන කේන්ද්‍රස්ථානය විය. සීගිරිය මැදිකොට පිටතින් දිය අගලක්ද, අැතුල් අාරක්ෂක තාප්පයකින්ද සමන්විත විය. පර්වතය මුදුනේ රාජ මාලිගාව පිහිටි අතර ජල පොකුණු, වාරි ක්‍රම අාදියෙන්ද පරිපූර්ණ වී තිබේ.


      සීගිරි පර්වතය මධ්‍ය ප්‍රදේශයේ අැති ලලනාවන්ගේ චිත්‍ර අද ලෝකප්‍රසිද්ධියට පත්ව අැත. සීගිරියේ චිත්‍ර 500 ක් පමණ තිබෙන්නට අැතැයි චිශ්වාශ කලද, අද අැත්තේ චිත්‍ර කීපයක් පමණි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙහි අැති කැටපත් පවුරේ අැති කුරුටු ගී පසුකාලීනව මෙය නැරඹීමට පැමිණි අය වෙතින් නිර්මාණය වන්නට අැත. සිංහ කටකින් අැතුල්වී ගල්පඩි නැග පර්වත මුදුනට යද්දී රාජකීය උද්‍යාන, රාජකීය වාසස්ථානයැයි අනුමාන කලහැකි නටඹුන්, පොකුණු  බොහෝගණනක්ම පිහිටා අැත.  නයිපෙන ගුහාව, දැරණියගල ගුහාව අාදීවශයෙන් ගල්ගුහා කීපයක්ම අැති අතර ඒවා ගෘහෝද්‍යානයට අනුරූපවන පරිදි සකස්කර අැත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් පැහැරගත් ස්ථානයක් වන මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලින් පාලනය වේ. අප සංගමයේ ඉල්ලීම මගින් ගරු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ විශේෂ දැනුම්දීමක් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්ට කිසිදු අයකිරීමකින් තොරව සංස්කෘතික ත්‍රිකෝණයේ ස්ථාන නැරඹිය හැක.











                      

Saturday, April 15, 2017

7


ඵෙතිහාසික කෝට්ටේ රාජධානිය

නිශ්ශංක අලගක්කෝනාරයන් විසින් නිර්මාණය කරන ලද ඵෙතිහාසික
කෝට්ටේ රාජධානිය කොටුබැම්මකින්,   අැතුල්දිය අගලකින්ද,   පිට දිය අගලකින්ද  සුරක්ෂිත වූ  පැරණි රාජධානියකි. ක්‍රි: ව: 1400 - 1597 දක්වා ශ්‍රී ලංකාවේ අගනුවර වූ මෙහි  ක්‍රි: ව:1411 - 1467  දක්වා  රජ කල 6 වන
පරාක්‍රමබාහු රජ සමය  ලක් ඉතිහාසයේ  අවසන් වරට  එක්සේසත් වූ බව සඳහන් වේ.   එසමය සාහිත්‍යමය වශයෙන් ඉතා සමෘද්ධිමත් යුගයක් විය. කරිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත නමින් විරුදාවලිලත් 6වන පැරකුම් රජු
සමයේ සද්ධර්මරත්නාවලිය, සැළලිහිනි සංදේශය, තිසර සංදේශය, මයුර සංදේශය,  හංස සංදේශය  අාදී වශයෙන් ග්‍රන්ථ  ගණනාවක්ම  එලිදැක්වී අැත. 1521 දී සිදුවූ විජයබාකොල්ලයෙන් පසු කෝට්ටේ, රයිගම, සීතාවක
ලෙස කොටස් 3කට වෙන්විය. සීතාවකින් නිරන්තරයෙන් සිදුවූ ප්‍රහාරයන් නිසාම පෘතුගීසින් කෝට්ටේ රාජධානිය පොලවට සමතලා කොට සියළුම
වස්තුව කොළඹ කොටුවට රැගෙන යාමෙන් පසුව රාජධානියේ අවසානය
එළඹියේය.  දැනට කෝට්ටේ කෞතුකාගාරයේ  කෝට්ටේ  යුගයට අයත්
 සමහර කෞතුක භාන්ඩ ප්‍රදර්ශණයට තබා අැත.








කෝට්ටේ සිතියම




කෝට්ටේ කොඩිය





6 වන පැරකුම්බා රජු හා බිසවගේ ස්මාරක,
වෙහෙරකන්ද



                                              ගල්අම්බලම






                                             කොටුබැම්ම





                                   අලකේශ්වර මාලිගාව





                                                           උමග





                            කෝට්ටේ කෞතුකාගාරය














6


දඹුළු විහාරයේ පිළම සහිත ලෙන් විහාරය



Wednesday, April 12, 2017

සුබ අළුත් අවුරුද්දක් වේවා




    ඔබට හා ඔබේ පවුලේ සැමට ජය, සතුට සපිරි
සුබම සුබ අළුත් අවරුද්දක් වේවා!

රාජ්‍යසේවා එක්සත් පුරාවිද්‍යා වෘත්තිකයන්ගේ සංගමයේ
නිළධාරී මන්ඩලයේ සුබපැතුම්



අළුත්අවුරුදු උදාව:- අප්‍රේල් 14 දින උදේ 2.04 ට.

පුන්‍යකාලය         :- අප්‍රේල් 13 දිනරාත්‍රී 7.40 සිට 14 දිනඋදේ 8.28 දක්වා

අාහාර පිසීම         :- අප්‍රේල් 14 දින උදේ 5.41 ට උතුර බලා.

වැඩ අැල්ලීම,
ගනුදෙනු කිරීම,
අාහාර අනුභවය    :- අප්‍රේල් 14 දිනඋදේ 7.05 ට.

හිසතෙල් ගෑම       :- අප්‍රේල් 15 දින උදේ 11.04 ට උතුර බලා.

රැකී රක්ෂා සදහා
පිටත්ව යෑම           :- අප්‍රේල් 17 දින උදේ 6.28 ට උතුර බලා.