Tuesday, September 26, 2017
Saturday, July 22, 2017
Saturday, June 3, 2017
Monday, May 8, 2017
Wednesday, May 3, 2017
conference
2017.05.04. ඊයේ දින අප සංගමය සහ ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමා, ගරු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමිය, ගරු අධ්‍යක්ෂ (මුදල්) මහත්ම මහත්මීන් අතර සාකච්ජාවක් පැවැතිනි. මෙහිදී
1. 2009 ස්ථිර වූ අයගේ හිගවැටුප,
2. පුරාවිද්‍යා තෑගි අරමුදල,
3. මුරකරු යන තනතුරු නාමය "පුරාවිද්‍යා අාරක්ෂක" හෝ එවැනි සුදුසු නමක් ලබාගැනීම,
4. ස්ථිරව වසර 3 ඉක්මවූ සියළු තනතුරුවල නියුතු වූවන් තනතුරේ ස්ථිර කිරීම,
5. රෝස්ටර් ක්‍රමයට අයත් නොවන මුරසේවක මහතුන්ට ර: ප්‍ර: නිවාඩු දිනවල කල සේවයට අතිකාල හෝ හිලවු ලබාගැනීම හා වැඩබිම්වලට අදාල තවත් කරුණු කීයක්ම සාකච්ජා විය.
ඒ අතරින්
1. 2009 ස්ථිරවු හිගවැටුප් නොලද 35 දෙනාගෙන් දැනට විස්තර එවා අැති 24 දෙනෙකුගේ හිග වැටුප් සැකසේ. (තමන්ගේ විස්තර ප්‍රධාන කාර්යාලය වෙතලබා දී අැත්දැයි විමසා බලන්න.)
2. පුරාවිද්‍යා තෑගිඅරමුදල සංශා්ධන සහිතව අවසන් අදියරේ පවතී.
3. "මුරකරු" තනතුර සදහා සුදුසු නමක් අප සංගමයට ලිඛිතව යෝජනා කරනමෙන් දන්වන ලදි.
4. වසර 3 ඉක්මවූ සියළු දෙනා තනතුරේ ස්ථිර කිරිම සදහා, අධ්‍යාපන සහතිකවල නිරවද්‍යතාවය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මේ දිනවල විමසීම් කෙරෙමින් පවතින බව අ: අ: ජ: තුමිය දැනුම්දෙන ලදි.
Sunday, April 16, 2017
8
සීගිරිය
මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි සීගිරිය, මුහුදු මට්ටමේ සිට මීටර් 360 ක් පමණ උසින් යුක්තය. කාශ්‍යප රජු විසින් කරවන ලද මෙය ක්‍රි: ව: 477 - 495 දක්වා රටේ පාලන කේන්ද්‍රස්ථානය විය. සීගිරිය මැදිකොට පිටතින් දිය අගලක්ද, අැතුල් අාරක්ෂක තාප්පයකින්ද සමන්විත විය. පර්වතය මුදුනේ රාජ මාලිගාව පිහිටි අතර ජල පොකුණු, වාරි ක්‍රම අාදියෙන්ද පරිපූර්ණ වී තිබේ.
සීගිරි පර්වතය මධ්‍ය ප්‍රදේශයේ අැති ලලනාවන්ගේ චිත්‍ර අද ලෝකප්‍රසිද්ධියට පත්ව අැත. සීගිරියේ චිත්‍ර 500 ක් පමණ තිබෙන්නට අැතැයි චිශ්වාශ කලද, අද අැත්තේ චිත්‍ර කීපයක් පමණි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙහි අැති කැටපත් පවුරේ අැති කුරුටු ගී පසුකාලීනව මෙය නැරඹීමට පැමිණි අය වෙතින් නිර්මාණය වන්නට අැත. සිංහ කටකින් අැතුල්වී ගල්පඩි නැග පර්වත මුදුනට යද්දී රාජකීය උද්‍යාන, රාජකීය වාසස්ථානයැයි අනුමාන කලහැකි නටඹුන්, පොකුණු බොහෝගණනක්ම පිහිටා අැත. නයිපෙන ගුහාව, දැරණියගල ගුහාව අාදීවශයෙන් ගල්ගුහා කීපයක්ම අැති අතර ඒවා ගෘහෝද්‍යානයට අනුරූපවන පරිදි සකස්කර අැත. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් පැහැරගත් ස්ථානයක් වන මෙය මධ්‍යම සංස්කෘතික අරමුදලින් පාලනය වේ. අප සංගමයේ ඉල්ලීම මගින් ගරු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ විශේෂ දැනුම්දීමක් මත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්ට කිසිදු අයකිරීමකින් තොරව සංස්කෘතික ත්‍රිකෝණයේ ස්ථාන නැරඹිය හැක.
Saturday, April 15, 2017
7
ඵෙතිහාසික කෝට්ටේ රාජධානිය
නිශ්ශංක අලගක්කෝනාරයන් විසින් නිර්මාණය කරන ලද ඵෙතිහාසික
කෝට්ටේ රාජධානිය කොටුබැම්මකින්, අැතුල්දිය අගලකින්ද, පිට දිය අගලකින්ද සුරක්ෂිත වූ පැරණි රාජධානියකි. ක්‍රි: ව: 1400 - 1597 දක්වා ශ්‍රී ලංකාවේ අගනුවර වූ මෙහි ක්‍රි: ව:1411 - 1467 දක්වා රජ කල 6 වන
පරාක්‍රමබාහු රජ සමය ලක් ඉතිහාසයේ අවසන් වරට එක්සේසත් වූ බව සඳහන් වේ. එසමය සාහිත්‍යමය වශයෙන් ඉතා සමෘද්ධිමත් යුගයක් විය. කරිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත නමින් විරුදාවලිලත් 6වන පැරකුම් රජු
සමයේ සද්ධර්මරත්නාවලිය, සැළලිහිනි සංදේශය, තිසර සංදේශය, මයුර සංදේශය, හංස සංදේශය අාදී වශයෙන් ග්‍රන්ථ ගණනාවක්ම එලිදැක්වී අැත. 1521 දී සිදුවූ විජයබාකොල්ලයෙන් පසු කෝට්ටේ, රයිගම, සීතාවක
ලෙස කොටස් 3කට වෙන්විය. සීතාවකින් නිරන්තරයෙන් සිදුවූ ප්‍රහාරයන් නිසාම පෘතුගීසින් කෝට්ටේ රාජධානිය පොලවට සමතලා කොට සියළුම
වස්තුව කොළඹ කොටුවට රැගෙන යාමෙන් පසුව රාජධානියේ අවසානය
එළඹියේය. දැනට කෝට්ටේ කෞතුකාගාරයේ කෝට්ටේ යුගයට අයත්
සමහර කෞතුක භාන්ඩ ප්‍රදර්ශණයට තබා අැත.
කෝට්ටේ සිතියම
කෝට්ටේ කොඩිය
6 වන පැරකුම්බා රජු හා බිසවගේ ස්මාරක,
වෙහෙරකන්ද
කොටුබැම්ම
අලකේශ්වර මාලිගාව
උමග
කෝට්ටේ කෞතුකාගාරය
Thursday, April 13, 2017
Wednesday, April 12, 2017
සුබ අළුත් අවුරුද්දක් වේවා
ඔබට හා ඔබේ පවුලේ සැමට ජය, සතුට සපිරි
සුබම සුබ අළුත් අවරුද්දක් වේවා!
රාජ්‍යසේවා එක්සත් පුරාවිද්‍යා වෘත්තිකයන්ගේ සංගමයේ
නිළධාරී මන්ඩලයේ සුබපැතුම්
අළුත්අවුරුදු උදාව:- අප්‍රේල් 14 දින උදේ 2.04 ට.
පුන්‍යකාලය :- අප්‍රේල් 13 දිනරාත්‍රී 7.40 සිට 14 දිනඋදේ 8.28 දක්වා
අාහාර පිසීම :- අප්‍රේල් 14 දින උදේ 5.41 ට උතුර බලා.
වැඩ අැල්ලීම,
ගනුදෙනු කිරීම,
අාහාර අනුභවය :- අප්‍රේල් 14 දිනඋදේ 7.05 ට.
හිසතෙල් ගෑම :- අප්‍රේල් 15 දින උදේ 11.04 ට උතුර බලා.
රැකී රක්ෂා සදහා
පිටත්ව යෑම :- අප්‍රේල් 17 දින උදේ 6.28 ට උතුර බලා.
Tuesday, March 28, 2017
Subscribe to:
Posts (Atom)